ජේ. ආර්. ජයවර්ධන යනු ශ්‍රී ලංකාවේ පළමුවන විධායක ජනාධිපතිවරයාය. එක් පසෙකින් රට තුළ නිර්මාණය වී තිබූ වාර්ගික අර්බුදය බුර බුරා ඇවිලෙමින් බිහිසුණු යුද්ධයක් බවට පරිවර්තනය වෙමින් තිබුනි. ප්රජාතන්ත්රවාදය, ජාතික සමගිය පෙනෙන තෙක් මානයක නොතිබුනි. ජේ. ආර්. ජයවර්ධන පියවරෙන් පියවර ඒකාධිපතිත්වය කරා එජාපය මෙන්ම ජනතාව පෙළගස්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු අනෙකුත් දේශපාලන පක්ෂවලට මර්දනය, තර්ජනය හා පීඩනය මුදාහරිමින් තිබුණි.
එවැනි මොහොතක 1984 ජනවාරි 22 දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්රගතිශීලී කණ්ඩායමට විජය කුමාරතුංග නම් වූ රණකාමියා නායකත්වය දෙමින් රටට නව නායකත්වයක් හඳුන්වා දෙනු ලැබීය. ඒ ශ්‍රී ලංකා මහජන පක්ෂය නම් වූ නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීම තුලිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිටි ප්රගතිශීලි නායකයන් කිහිපදෙනෙකු විජය කුමාරතුංග නම් වූ ජනහිතකාමී නායකයා නිර්මාණය කළ ශ්‍රී ලංකා මහජන පක්ෂය සමග එකතු විය. ටී. බී. ඉලංගරත්න, ආචාර්ය ප්‍රේමදාස උඩුගම, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, අධිනීතීඥ වී. ඩබ්ලිව්. කුලරත්න, චෙල්ලයියා කුමාරසූරියර්,
ඔසී අබේගුණසේකර, වයි. පී. ද සිල්වා, දේව බණ්ඩාර සේනාරත්න, ඇන්ටන් අමරසේකර, යසරත්න අමරතුංග, කරුණාසේන ජයලත්, ටියුඩර් දයාරත්න, ආචාර්ය රංජිත් නවරත්න, අධිනීතිඥ ඩබ්. ඒ. අබේසිංහ, ජගත් නාරංබැද්ද , වයි .අයි. ඒ. ඉසත්, එම්.එස්.එම්. අක්රම්, මහාචාර්ය කොල්වින් ගුණරත්න, අතුල නිමලසිරි ජයසිංහ. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර, දයා සෝමසිරි, සෝමපාල කඳවින්න, ලොයිඩ් ගල්හේන, ප්‍රේමසිරි පෙරේරා, ආරියවංශ පතිරාජ,, පද්මසිරි කොඩිකාර, ශාන්ත ප්‍රේමරත්න, ඩල්සි ද සිල්වා, රූපා කුමාරතුංග, ජී.එම්.කරුණාපාල ඇතුළු ප්‍රවීණයන් පිරිසකගේ සහාය විජය කුමාරතුංගයන්ට ලැබුණු අතර තවත් බොහෝ දෙනෙකුගේ නිහඬ ආශිර්වාදය ලැබුනි.
විජය කුමාරතුංගයන් සිනමාව තුළ ගොඩ නගා ගෙන තිබූ ජනප්‍රියත්වය දේශපාලන ක්‍රියාවලියට රුකුලක් වන්නට ඇත. ඔහු දේශීය සිනමාව තුළ චරිතාංග නළුවකු වූවා සේම පරිණත දේශපාලනඥයෙකුට වඩා එහා ගිය යුගයට ගැලපෙන දේශපාලන චරිතයක් වශයෙන් ද වගකීම් සහිතව ක්‍රියාත්මක වීම නිසා ද දේශපාලන ක්ෂේත්රයේ සිටි බොහෝ දැවැන්තයින් භීතියට පත්වූහ. එවැනි පසුබිමක් තුළ විජය කුමාරතුංග භාර ගත්තේ සුවිශාල අභියෝගයකි.
1984 වන විට ලංකාව පාලනය කළේ එක්සත් ජාතික පක්ෂ රජයක් විසිනි. රට තුළ නිර්මාණය වෙමින් තිබුණේ ජනතාවාදී වැඩපිළිවෙළක් නොවේ. 1977 දී 5/6 ක බලයක් එක්සත් ජාතික පක්ෂය ලබා ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු වමේ පක්ෂ සියල්ල අන්ත පරාජයට පත්කරමිනි. 1977 මැතිවරණ ජයග්‍රහණයත් සමඟ පාක්ෂිකයන්ට ප්රචණ්ඩත්වය මුදා හැරීමට ඉඩ දී එක්සත් ජාතික පක්ෂ පාලකයින් නිහඬව බලා සිටියහ. පරාජිතයන්ට පහරදීම්, ගිනිතැබීම්, රැකියා ස්ථානවලට පහරදීම්, පළවා හැරීම් වැනි ම්ලේච්ඡ ක්‍රියා සිදුවන තෙක් ජේ. ආර්. ගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂය වගකිවයුත්තන් බලා සිටියහ. අකමැත්තෙන් වුව ද පොලීසියට නිහඬව සිටීමට සිදු වී තිබුණි.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම, විධායක බලය සහිත ජනාධිපති ධූරයක් නිර්මාණය කිරීම, මනාප ඡන්ද ක්‍රමය මත සමානුපාතික නියෝජනයක් නිර්මාණය කිරීම, බොහෝ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් ජනතාවගෙන් උදුරා ගැනීම,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම, විවෘත ආර්ථික ක්‍රමය ආරම්භ කිරීම, රාජ්‍ය දේපළ විකිණීම, බහු ජාතික සමාගම් වලට ලංකාවේ වෙළඳ පොල විවෘත කිරීම, සහල් සළාකය කපා දැමීම, යාපනය පුස්තකාලය ගිනි බත් කරමින් ජාතිවාදය හා ප්රචණ්ඩත්වය වැපිරීම, 1983 කළු ජූලිය නිර්මාණය කිරීම, 1982 මැතිවරණයේ දී විජය කුමාරතුංග නැක්සලයිට් කාරයෙකු ලෙස නම් කර අත්අඩංගුවට ගැනීම, පාර්ලිමේන්තු මැතිවරණය නොපවත්වා ජනමත විචාරණ ක්‍රමයක් තුළින් තම පාලන කාලය දීර්ඝ කර ගැනීමට සැලසුම් සහගත කුමන්ත්‍රණයක් කිරීම වැනි ක්‍රියාවන් සඳහා විධායක බලය භාවිතා කරමින් ජේ.ආර්. ජයවර්ධන ප්රමුඛ එක්සත් ජාතික පක්ෂය අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක වෙමින් තිබුණි.
මේ වන විට ප්‍රධානතම වාමාංශික දේශපාලන පක්ෂය විදිහට තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දීර්ඝකාලීන නිද්‍රාශීලී තත්ත්වයකට පත්ව තිබුණි. ලක්ෂ සංඛ්‍යාත ජනයා වෙනුවෙන් හඬක් නගන්නට තරම් ශක්තියක් නොතිබුණි. ප්රජාතන්ත්රවාදය අහිමිව අසරණ භාවයට පත් ලාංකීය සමාජයට නායකත්වයක් දෙන්නට තරම් ශක්තිමත් දේශපාලන නායකත්වයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොවීය. උදාසීනව දේශපාලන නිහඬතාවයක ඇලී ගැලී සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය දෙන්නට කිසිවකු නොමැති මොහොතක නව දේශපාලන දහරාවක් ඔස්සේ සංග්රාම භූමියට අවතීර්ණ වීමට විජය කුමාරතුංග ඉදිරිපත් වූයේ ඒ වන විට ඔහු වෙත එළඹීමට නියමිත ව තිබූ අභියෝග නොදැන නොවේ.
විජය කුමාරතුංගයන් විසින් ශ්‍රී ලංකා මහජන පක්ෂය නැමති බීජය මේ මහ පොළොව මත පැල කරන්නට රටපුරා සංවිධාන පිහිටුවමින් පක්ෂය ශක්තිමත් කිරීමටත් නගරයෙන් - නගරයට, ගමින් - ගමට ගියහ.
More +ශ්‍රී ලංකා මහජන පක්ෂ නිල වෙබ් අඩවිය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 5 වන විධායක ජනපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ පක්ෂයේ වත්මන් නායක ගරු අසංක නවරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ නයිවල ස.ණ.ස. සංගම් ශාලාවේදී 2017.02.02 දින පැවති ශ්‍රී ලංකා මහජන පක්ෂයේ 33 වන අභිමානවත් සංවත්සර උළෙලේදී එළිදක්වන්නට යෙදුනි. මෙය පක්ෂයේ ජාත්‍යන්තර සබඳතා වැඩි දියුණු කර ගැනීමටත්, පක්ෂයේ නිල තොරතුරු සැණෙන් මහජනතාව වෙත ලබා දීමටත් මහගු පිටුවහලක් වනු ඇත.
The Website of Sri Lanka Mahajana Party was Officially luanched by Mr. Mahinda Rajapaksa, the 5th Executive President of the Democratic Socialist Republic of Sri Lanka and Mr. Asanka Navaratne, the current leader of the party at the 33rd Anniversary Celebration of the Sri Lanka Mahajana Party held on 2nd of Februry 2017 at Sanasa Soceity Hall, Nayiwala, Gampaha. This will be of great help in improving the party's international relations and providing the official information of the party to the public instantly.
In this website, public can know our official news. Any public Media can refer our website for their information. We not only use this website to publsih news. But also we are exposing our policies, history & phylosophy. We invite all members to seek our website & write us for aknowledge more accurate information.
Founded in 1984 by Vijaya Kumaranatunga, it was led by him until his assassination in 1988. After 1988 the party leader was Chandrika Kumaranatunga for a short time.
The Party support the Provincial council act and they contest against the UNP in first election in 1988. After the Provincial Council Election 87 Provincial Council Members Elected the Councils through the Party. Ossie Abeygunasekara (WP), Ranjith Navarathne (NWP), Shantha Premarathne (NCP), Sarath Kongahage (CP) can get the Opposition Leaderships of their Councils. After that Ossie Abeygunasekara was the leader until his crossed over to the UNP in 1993.
The party lost 117 Leading members during the revolution in 1988-1989. The Party Leader Vijaya Kumarathunga, The Patron Pohoddaramulle Pemaloka thero, T.B. Wijesuriya, Deva bandara Senarathne were with them. Ossie Abeyagoonasekera contested the Presidential election in 1989 under the party symbol of "eye". He got 235,719(4.63%) votes through the Election and placed 3.