ශ්‍රී ලංකා මහජන පක්ෂය සමග එක්ව ඉදිරියට දේශපාලනය කිරීමට කැමති ඔබ වෙනුවෙන්,
ආසන සංවිධායකවරුන්ට නිල හැඳුනුම්පත්.. අප පක්ෂයේ නව ආසන හා දිස්ත්‍රික් සංවිධායකවරුන්ට නිල හැඳුනුම්පත් ලබාදීමේ ප්‍රථම අදියර පසුගිය දා කොළඹ දී සිදුකරන ලදී. මෙම අවස්ථාවට පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා ඇතුළු දේශපාලන මණ්ඩල සභිකයින් පිරිසක් ද එක්වුනා....
ශ්‍රී ලංකා මහජන පක්ෂයේ විධායක සභා නියෝජිතයින්ගේ සාකච්ඡාවක් අද දින බොරැල්ල, ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැත්වුනා. මෙම අවස්ථාවට පක්ෂයේ විධායක සභිකයින්ට ස්තුතියක් පළකිරීම සඳහා අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් සම්බන්ධ වූ අතර, දීර්ඝ දේශපාලන අත්දැකීම් ඇති පරිණත නායකයෙක් වන එතුමන් එම තනතුරට පත්වීම පිළිබඳව පක්ෂ සාමාජිකත්වයේ සුභාශිංෂණ පිරිනැමෙන බව අපගේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා විසින් අදහස් දක්වමින් සඳහන් කරන ලදී. වත්මන් ආර්ථික අර්බුදය විසඳීම සඳහා සෑම දේශපාලන පක්ෂයක්ම සමගිව සහාය ලබාදෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අදහස් දක්වමින් සඳහන් කර සිටියා. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සිසිර ජයකොඩි සහ යදාමිණි ගුණවර්ධන යන මහත්වරුන් ද එක්ව සිටියහ....
රටේ උද්ගතව ඇති ආර්ථික, සමාජයීය හා දේශපාලන අර්බූධය විසඳීම සඳහා සර්ව පාක්ෂික වැඩපිළිවෙලක් සැකසීම වෙනුවෙන් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනය අනුව, ඊයේ දින සවස ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ස්වාධීන පක්ෂ එකමුතුවේ සාකච්ඡාවට අප පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා ද සහභාගීවිය. එහිදී අප පක්ෂය වෙනුවෙන් අදහස් දැක්වූ අසංක නවරත්න මහතා කියා සිටියේ " පාර්ලිමේන්තුව තුළ සිටින සියලුම පක්ෂ නායකයින්ගෙන් සැදුම්ලත් ' ජාතික විධායක සභාවක්' කඩිනමින් පිහිටුවන ලෙසත්, ඒ මගින් සෑම පක්ෂයක්ම නියෝජනය වන පරිදි අමාත්‍ය මණ්ඩලයක් පත්කරගෙන අවම වැඩපිළිවෙලක් ඔස්සේ ජනතාව මුහුණදෙන ගැටළු විසඳීම සඳහා මැදිහත්වීමටත්, ඒ සඳහා අවශ්‍ය උපරිම සහාය ලබාදීමටත් කැමැත්තෙන් සිටින බවත්" ය. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග ස්වාධීන පක්ෂ එකමුතුවේ නායකයින් හා මන්ත්‍රීවරුන් ද සහභාගී විය....
ශ්‍රී ලංකා මහජන වෘත්තීය සමිති සම්මේලනය ( Sri Lanka Mahajana Trade Union Federation - SLMTUF) ට අනුබද්ධ වෘත්තීය සමිති වල ක්‍රියාකාරීන්ගේ හමුවක් අද දින රත්මලාන, ශ්‍රී ලංකා මහජන දුම්රිය සේවක සංගම් මූලස්ථානයේදී මහජන පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී. මෙම අවස්ථාවට පක්ෂයේ නියෝජ්‍ය සභාපති රොෂාන් ද මෙල් මහතා සහ ගුරු, දුම්රිය, ප්‍රවාහන, වතු සේවක, කලා ඇතුළු අනුබද්ධ හා වෘත්තීය සමිති සංවිධාන වල ක්‍රියාකාරීන් පිරිසක් එක්ව සිටියා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වසරක් පිරෙන අද දවසේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා මහජන පක්ෂය නෙළුම් මාවත කාර්යාලයේදී බැසිල් රාජපක්ෂ මැතිතුමා හමුවූ අවස්ථාව...
සුපිරි පනත වයඹින් වැඩි ඡන්ද 20 කින් ප්‍රතික්ෂේපයි...
සිවු වසරකට පෙර ද්විතීයික පාසැලක් ලෙස නම්‍ෙකෙරුනු නිසා වැසුනු කුරුණෑගල උඩබදලව සුදර්ශන මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශය යළි ආරම්භ කරන්න අපිට හැකිවුනා..උදව් කළ සැමට ස්තුතියි..
Kurunegala සමුපකාර ජන්දය අස්වැද්දුම ජන්ද පොළ ජන්ද දයිකයින් ඉතා උනන්දුවෙන් උදැසනම...
ආණ්ඩුවේ මැර ප‍්‍රහාරය තරයේ හෙලා දකිමු ..!